මහේල ජයවර්ධනගේ ඒ වැඩවලට මම කැමතියිශ්රී ලංකාවේ ක්‍රිකට්‌වලට ලංකාවේ පමණක් නොවෙයි අන්තර්ජාතිකවද ඇත්තේ හොඳ පිළි ගැනීමක්. ඒ තරමටම නැතත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ද දින දින ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. පිරිමින්ට පමණක් සීමාවී තිබූ ක්‍රිකට් වර්තමානය වනවිට පාසල් ශිෂ්‍යාවන්ගේ මට්‌ටමින් ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ මතුද නොවෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අන්තර් ජාතික මට්‌ටමින්ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබෙන අතර වර්තමානයේ ද ක්‍රිකට් දක්‌ෂතා පෙන්නුම් කරමින් සිටිනවා.
ඒ නිසාම අප ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්‌ඩායමේ වර්තමාන නායිකාව වන ශශිකලා දේදුණු සිරිවර්ධන සමග කතා බහ කළා. කාන්තා ක්‍රිකට් ගැන පමණක් නොවෙයි ඇයගේ පෞද්ගලික තොරතුරු බිඳක් ද කතා බහ කළා.
ඔබ අධ්‍යාපනය ලැබුවේ කෝට්‌ටේ ජනාධිපති විද්‍යාලයේ. මම සාමාන්‍ය පෙළ ඉතාම ඉහළින් සමත්වුණා. මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. ඒත් මම උසස් පෙළ මං හිතුව තරම් ඉහළින් කර ගන්න බැරිවුණා.
පවුලේ තොරතුරු ටිකක් කිව්වොත්
මමයි නංගියි මගේ අයියා දැනට පදිංචිය ඉතාලියේ. ඔහු මේ වන විට ඉතාලි ජාතික කණ්‌ඩායම නියොජනය කරමින් එහි ක්‍රිකට් ක්‍රීඩාකරනවා. මගේ අයියා චාමර සිරිවර්ධන ඔහු වෙස්‌ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වුණේ
මම පොඩිකාලේ ඉඳන්ම ක්‍රිකට්‌වලට දැඩි ඇල්මක් දැක්‌වූවා. අයියත් යාළුවොත් එක්‌ක බෝල ගහන්ට යනකොට මමත් යනවා. ඔය අතරේ තමයි මගේ තාත්තාගේ මිත්‍රයෙක් මම ක්‍රිකට් ගහනවා දැකලා ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ පාලිත ගුණසේකරට හඳුන්වා දුන්නේ. පස්‌සේ එතුමා පාලික් කියලා කාන්තා ක්‍රිකට් කණ්‌ඩායමක් හැදුවා. මා එහි සාමාජිකාවක් වුණා. එහෙම ඇවිත් තමයි 2006 දි විතර කාන්තා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වූයේ. මගේ පළමු සංචාරය වුණේ බටහිර ඉන්දියාවයි. එදා මෙදාතුර කාන්තා ක්‍රිකට් කණ්‌ඩායම නියෝජනය කරනවා තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසට.
ඔබ වඩාත් පන්දු රකින්න ආසා ප්‍රදේශය
මම මිඩ් විකට් හා එක්‌ස්‌ට්‍රා කවර් යන ප්‍රදේශවල පන්දු රකින්න ආසයි.
පාසලේදී ක්‍රීඩා කළාද?
ඔව්. හැබැයි ඒ ක්‍රිකට් නොවෙයි මළල ක්‍රීඩා. උස පැනීම වෙනුවෙන් ම අන්තර් පළාත් ජයග්‍රහණ ලබලා තිබෙනවා.
ක්‍රිකට් වලින් මොනවද ඔබට ලැබුණේ. අතිවිශාල දේ ලැබුණා. සිලිම් ලයින් වෙනුවෙන් වසර 2 ක් ක්‍රීඩා කළා. දැන් නාවුක හමුදා කණ්‌ඩායමට ක්‍රීඩා කරනවා.
අපේ රටේ කාන්තා ක්‍රිකට් එතරම් ජනප්‍රිය නැහැනේද?
එහෙම නැහැ. කොහොමත් ක්‍රිකට් ලංකාවේ ජනප්‍රියයි. කාන්තා ක්‍රිකට් වුණත් ජනප්‍රියයි. ඒත් මාධ්‍ය අනුග්‍රහය මදියි. අපේ සියලුම ක්‍රීඩිකාවන් දක්‌ෂයි. හිටපු ක්‍රීඩිකාවන් නිසා ජනප්‍රිය වුණා වගේම අපිත් තරග දිනලා මේ ක්‍රීඩාව ජනප්‍රිය කරවිය යුතුයි.
මේ සඳහා අපි වැඩි වැඩියෙන් අන්තර් ජාතික ක්‍රිකට් තරග ජයග්‍රහණය කළ යුතුයි.
ජාත්‍යන්තර වර්ග කිරීම් අනුව අපි හත්වැනි ස්‌ථානයේ සිටිනවා. ඔස්‌ටේ්‍රලියාව නවසීලන්තය එංගලන්තය වගේ රටවල් වල ක්‍රීඩිකාවන්ට තරග අත්දැකීම් තියෙනවා. ඒ අය අපිට කලින් ක්‍රිකට් පටන් අරගෙන තියෙන්නේ. ඒ කොහොම වුණත් අනුග්‍රාහකයන් එන්නේ අපි තරඟ දිනද්දීයි දැනට අපිට මොබිටෙල් අනුග්‍රහය දක්‌වනවා. ඒක සතුටක්.
ඔබේ පෞද්ගලික දක්‌ෂතා ගැන කතා කළොත්.
මං ශ්‍රී ලංකාව නියෝජනය කරලා තරග 62 ක් ක්‍රීඩා කරලා තියෙනවා. ලකුණු 976 ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර දැනට ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව. ඒ වගේම විකට් 62 ක් ලබාගෙන තිබෙනවා.
ඔබේ විවේකය ගෙවන්නේ
ඇත්තටම ඒක කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒ කියන්නේ තරඟ වඳින කාලයට විවේකයක් නැතිතරම්. පුහුණුවීම් සඳහා වැඩි කාලයක් යොදාගන්නවා.
මේ දිනවල සතියට දවස් පහක් පුහුණුවීම් වල මම සාමාන්‍යයෙන් උදේ 5.30 ට අවදිවෙනවා. රාත්‍රි නවයට නින්දට යනවා. විවේකයක් තිබුණොත් පරණ යාළුවෝ මුණ ගැහෙනවා. සති අන්තයේ චිත්‍රපටයක් බලනවා. ටෙලි නාට්‍යය බලන්නත් මම ආසයි.
අන්තර් ජාලයේ සැරි සරන්නත් කැමතියි වගේ. එA විශේෂයෙන් ක්‍රිකට් තොරතුරු හොයන්න. ළගදී රියෝ නැමති ඉංගි්‍රසි චිත්‍රපටය බැලුවා. හැබැයි ඒ සීඩී තැටියකින්.
ඔබේ ප්‍රියතම ක්‍රීඩකයා
මම මහේල ජයවර්ධනට කැමතියි
විශේෂත්වය ඔහුගේ නායකත්වය ඒ වගේ ම එයා පිතිකරණයේ යෙදෙන විදිහට එයාගේ තාක්‌ෂණයට නායකත්වයට
අනාගත පැතුම
2013 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලබාදීම. ඒ වෙන කොට මම කණ්‌ඩායම් නායිකාව නොවන්න පුළුවන්. ක්‍රීඩිකාවක ලෙස හෝ නියෝජනය කර කුසලානය දිනා ගැනීම තමයි අද දවසේ පැතුම.
සුගත් ශාන්ත මොරගහකුඹුර


No comments:
Post a Comment