paid advertisement

      paid advertiesment

Wednesday, July 20, 2011

පරිගණක අපරාධකරුවන් කොටු කරන්න රහස් පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක්

* අපරාධකරුවන් අල්ලන්න නව තාක්‍ෂණික ක්‍රම
* පරිගණක හරහා සිදුකෙරෙන අපරාධ වැළැක්වීම අරමුණයි


ජනපතිගේ සහ ආරක්‍ෂක ලේකම්ගේ උපදෙස් මත මෙහෙයුම් ඒකකය ඇරඹෙයි

පරිගණක අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා රහස් පොලිසිය මහා පරිමාණ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. රහස් පොලිසියේ ස්ථාපිත කරන ලද විශේෂ පරිගණක අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයක් සහ රසායනාගාරයක් ඔස්සේ එම මෙහෙයුම සිදු කෙරේ.මහා

Friday, July 15, 2011

නිලාවේලි මුහුදේ නාමින් සිටි සිසුන් සැඩ පහරට හසුව 3 දෙනෙක් මරුට.

දිවි බේරා ගත් සුපුන් චන්දිම ප්‍රතිකාර ලබමින්

මිය ගිය සිසුන් තිදෙනා ගේ සිරුරු

නුවරඑළිය වලපනේ හරස්බැද්ද සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 130 ක් පමණ සිසුන්ගෙන් යුතු කණ්ඩායමක් ගුරුවරුන් සමග 14 වන දින සීගිරිය බලා පිටත්ව ඇති අතර 15 වන දින ත්‍රිකුණාමලයට පැමිණ නිලාවේලි වෙරළේ නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති වාර්තා වේ.
රළ පහරට හසුව ගසා ගෙන ගිය පිරිසගෙන් 3 දෙනෙක් මියගොස් ඇති අතර නිලාවේලි විජයබා නාවික හමුදා කඳවුර ට අයත් ජීවීතාරක්ෂක කණ්ඩායම හා පොලිස් ජල ක්‍රීඩා නිලධාරීන් විසින් සෙසු පිරිස බේරා ගෙන ඇත.

Thursday, July 14, 2011

කෝටිපති කැසිනෝ හොරෙක් අත් අඩංගුවේ.

.
මිරිහාන අපරාධ විමර්ශන ඒකකය මගින් පිට කෝට්ටේ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුට වරෙන්තු 8 ක් සහ නඩු 10 ක් ද වේ. තවද, කෝටි 240 ක් කැසිනෝ සදහා යෙදවීම,වාහන විකුණන ආයතන වලින් ලබා ගන්නා වාහන සදහා ව්‍යාජ පොත් සකස් කර විකුණා ඇති අතර උකස් තැබීම ද සිදු කර ඇත. වාහන 15 කට වැඩි ප්‍රමාණයක් විකුණා ඇති අතර, අත් අඩංගුවට පත්ව ඇත්තේද වාහන ජාවාරමක් සම්බන්ධනයෙනි.
කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ සැකකරු ගේ සියළු ව්‍යාපාර සූදුව නිසා විනාශ වී ඇත. මොහුගේ දරුවන් එංගලන්තයේ පදිංචි වැදගත් රැකියා කරන අය වෙති

Wednesday, July 13, 2011

කාන්තා ක්‍රිකට්‌ ජනප්‍රිය කරවීමට මහන්සි වෙනවා

කාන්තා ක්‍රිකට්‌ ජනප්‍රිය කරවීමට මහන්සි වෙනවා
මහේල ජයවර්ධනගේ ඒ වැඩවලට මම කැමතියි
ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌වලට ලංකාවේ පමණක්‌ නොවෙයි අන්තර්ජාතිකවද ඇත්තේ හොඳ පිළි ගැනීමක්‌. ඒ තරමටම නැතත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ ද දින දින ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. පිරිමින්ට පමණක්‌ සීමාවී තිබූ ක්‍රිකට්‌ වර්තමානය වනවිට පාසල් ශිෂ්‍යාවන්ගේ මට්‌ටමින් ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ මතුද නොවෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ ක්‍රීඩිකාවෝ අන්තර් ජාතික මට්‌ටමින්ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබෙන අතර වර්තමානයේ ද ක්‍රිකට්‌ දක්‌ෂතා පෙන්නුම් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයෙදී භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සිටින අතරතුර විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගී විය. එය ග්‍රේන්ජ් ශාන්ත පාවුළු  හෝටලයේ පැවැත් වූ  අතර අඑරට සිටින ක්‍රිකට් ලෝලීන්ට මුදල් ගෙවා එයට සහභාගී වීමට අවස්ථාව උදා විය.                       
     එම උත්සවයේ විවිධ අවස්ථා කැමරාවට හසු වූ අයුරු ... 




Monday, July 11, 2011

" killing fields " ව්‍යාජ වීඩියෝ පටයේ මුල් පිටපත හමු වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාව හා රජය දැඩි ලෙස අපකීර්තියට පත් කරමින් චැනල් 4 නාලිකාව මගින් විකාශනය කළ killing fields නමැති වර්තා වැඩසටහන නිර්මාණයට ආධාර කිරීම හා අනුබල දීම හේතුවෙන් සැක පිට අත්අඩංගුවට ගත් කන්දවනම් පෙදීස්වරම්  නැමැත්තා වැඩි දුර ප්‍රශ්න කිරීම සදහා මාසයක කාලයක් රහස් පොලිසියේ රවා ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ. රත්නායක මහතා අවසර දුන්නේය. 

Saturday, July 9, 2011

උපේක්‍ෂා ස්වර්ණමාලි දික්කසාදය ඉල්ලා නීතිය හමුවට....

උපේක්‍ෂා ස්වර්ණමාලි දික්කසාදය ඉල්ලා නීතිය හමුවට....
සිවු වසරක ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වූ  ප්‍රවීණ රංගන ශිල්පිනී , පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය තම  සැමියාගෙන් වන්දි මුදලක් සමග දික්කසාද වීමට තීරණය කර ඇත.
                               තමාට දැඩි ලෙස පහර දෙමින් ශාරීරිකව හා මානසිකව නිතර පීඩාවන්ට ලක් කිරීම හේතුවෙන් තම විවාහක සැමියා වන  මහේෂ් චාමින්ද නමැත්තාගෙන් දික්කසාදය ද මසකට රුපියල් ලක්ෂ 4 ක පමණ ආදායම් ලබන ඔහුගෙන්, රුපියල් මිලියන 20 ක වන්දි මුදලක්ද ලබා දෙන ලෙසත් කොළ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඉල්ලා ඇත.